සුද්දන් සුදුමැලි කළ හෙලයන් තැනූ මාදුරු ඔය වේල්ල

පොළොන්නරුව දිස්ත්රික්කයේ මායිමක පිහිටි සුන්දර ඉසව්වක් තමයි මාදුරු ඔය. විශාල ජලාශයක්, ජාතික වනෝද්යානයක් වගේම ආරණ්ය සේනාසන, ප්රසිද්ධ කඳු වගේම උණු වතුර ලිං කිහිපයකිනුත් සමන්විත සංචාරක පාරාදීසයක්.


 
මාදුරු ඔයට නම හැදුණු විදිය ගත්තොත් මහාදාරගල්ල, මාහාදාර, මදර වෙලා පස්සේ මාදුරු ඔය උනා කියලා තමයි ජනවහර.
දුටුගැමුණු රජතුමා එළාර හා කරපු සටනේදී, දුටුගැමුණු රජතුමා සේනා සංවිධානය කළ ස්ථානයක් හැටියටත් මාදුරු ඔය සඳහන් වෙනවා.
අපේ මුතුන් මිත්තන්ගේ වාරි තාක්ෂණය විදහා දක්වන දෙයකුත් මාදුරු ඔය සතුයි. 


 

ඒ පැරණි වේල්ල. තොරතුරු ලැබුණ විදියට අලුත් වේල්ල හදන්න විදේශයෙන් ආව ඉංජිනේරුවරු සොරොව්ව හැදීමට නිර්දේශ කල තැන හාරලා බලද්දී එතන පැරනි සොරොව්ව හමු වෙලා තියෙනවා.
වේල්ල හැදුවේ කවුද කියන එක නිශ්චිත නැති උනත් මහසෙන් රජ්ජුරුවෝ විසින් ඉදිකරවා, පසුව 1වන විජයබාහු හා පරාක්රමබාහු යන රජවරුන් විසින් ප්රත්සංස්කරණය කරන්නට ඇති බව අනුමාන කරනවා.

 


වර්තමාන වේල්ල ගැන දිගින් මීටර 1090ක් හා උසින් මීටර 41ක් වෙනවා. ජලාශයේ සම්පූර්ණයෙන් වතුර පිරුණම ධාර්තාව ඝන මීටර 596,000,000ක් වෙනවා.
මාදුරු ඔය ජලාශය වටකරන් ඉන්න මාදුරු ඔය ජාතික වනෝද්යානය හෙක්ටයාර 58,850ක් පුරා පැතිර පවතිනවා. වල් අලි රජදහනක් වන මේ උද්යානයේ, අලින්ට අමතරව කොටියා, වළහා, කුළු හරකා, උණහපුලුවා, කොළ දිවියා, ගෝනා, තිත් මුවා වගේ සතුනුත් හැල කිඹුලා, ගල් ඉබ්බා, තාරකා ඉබ්බා, තිත් පොළඟා, කොට පිඹුරා වැනි උරග විශේෂ හා හැඩපළු දියකාවා, රන් නළල් කොට්ටෝරුවා, කළු උකුස්සා ආදී පක්ෂීනුත් දැක ගත හැකි.
විශේෂ දෙයක් තමයි අලි පිටකසා ගැනීමට යොදා ගන්නා ගසකුත් මෙහි තියෙනවා. අලි පනාව කියන්නේ ඒකට.
වේල්ල බලන්න යන්න කලින් අවසර ගන්න අවශ්යයි මාදුරු ඔය මහවැලි කාර්යාලයෙන්. විස්තර අවශ්ය අය පණිවිඩයක් සංචාරකයාට එවන්න.


 

Post a Comment

0 Comments