බෙලිහුල් ඔය මනමාලිය පහන්තුඩාව

ලංකාවේ පිහිටා තිබෙන වෙනස්ම ආකාරයේ දිය ඇල්ලකට තමා අද ගමන. සුන්දර බෙලිහුල්ඔයට උරුම වෙච්ච පහන්තුඩාව ඇල්ලට තමා අද සේන්දුව. වතුර රඳන කලු වල පහන හැඩය ගන්න නිසාත් වතුර වැටෙන්නේ පහන් තිරයක් වගේ නිසාත් පහන්තුඩාව කියන නම හැදුනා කියලයි ආරංචිය.


අවධානයෙන් යා යුතු ගමනක්. මොකද ගල් ලිස්සන සුළුයි. ගල් මතු පිට සමහර කුඩා දිය වලවල් අඩි 6කටත් එහා ගැඹුරුයි. කලු වලේ පතුලක් නෑ කියලත් කියනවා. නූල් පන්දු තුනක් එකට ගැට ගහලා ඒක ගලක ගැට ගහලා දියට දාලා තියෙනවා ගැඹුර බලන්න ඒත් පතුලක් හම්බ වෙලා නැතිලු.

ඔයාලා යන කොට බලන්න එක් තැනක ගලේ අකුරු වගයක් කොටලා තියෙනවා. පවුල් ආරවුලක් නිසා ගැමියෙක් එතන අකුරු වගයක් කොටලා බඩේ ගලක් ගැට ගහා ගෙන දියට පැන්නලු. ගම්මු කියන කතාව. කොහොම වෙතත් කලු වලේනම් නාන්න යන්න එපා. පහල හොඳ තැනකින් කාගෙන් හරි අහලා නාන්න. වතුර ප්‍රමාණය ක්ෂණිකව වැඩි වෙනවා කියලයි කියන්නේ. 

පොලිතීන් අහලකටවත් ගෙනියන්න එපා. එහෙ හෝටල් අයිතිඅය එතුමන්ලගේ වියදමින් ඇල්ල අවට සුද්ද කරනවා. ඒ නිසා පරිසරයට ආදරය කරන සංචාරකයෙක් විදියට යන්න.

Post a Comment

0 Comments